දිට්වා සුළිකුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැතිවීම සම්බන්ධව පූර්ණ අධ්‍යනයක් සිදුකිරීමෙන් පසු ඒ පිළිබඳව යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් කතානායකවරයා විසින් පත්කර තිබෙනවා.
මෙම කමිටුවේ සභාපතිත්වය අමාත්‍ය නලින්ද ජයතිස්සට හිමිව ඇති බව කතානායකවරයා අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළා.
ප්‍රසන්න ගුණසේන, ඇන්ටන් ජයකොඩි, අරුණ ජයසේකර, අනුරාධ ජයරත්න, හෙක්ටර් අප්පුහාමි, රෝහිනී කුමාරි විජේරත්න, එම්.කේ.එම්.අස්ලම්, අනුෂ්කා තිලකරත්න, කන්දසාමි ප්‍රභූ, රුවන් මාපලගම, පද්මනාදන් සත්‍යලිංගම් යන මැති ඇමතිවරුන් මෙම කාරක සභාවේ අනෙකුත් සාමාජිකයින් වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



