ඉරානය ඊශ්‍රායලයට හා ඇමරිකාවට එරෙහිව 19 වන ප්‍රහාර රැල්ලත් නිවේදනය කරයි

ඉරානය, ඊශ්‍රායලයට සහ මැද පෙරදිග එක්සත් ජනපද වත්කම්වලට එරෙහිව තවත් ප්‍රහාර රැල්ලක් නිවේදනය කර තිබෙනවා.

තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියට අනුව මෙට ඉරානය විසින් ඊශ්‍රායලයට සහ මැද පෙරදිග එක්සත් ජනපද කඳවුරුවලට එල්ල කරන 19 වන ප්‍රහාර රැල්ල බවයි.

එමෙන්ම මිසයිල සහ ඩ්‍රෝන මෙහෙයුමක් මෙලෙස ආරම්භ කරන බවයි ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසන්නේ.

මේ අතර යුද්ධයේ ආරම්භක දිනවල දී කුවේටයට, ඉරානය විසින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකින් මියගිය පස්වන සහ හයවන සොල්දාදුවන්ගේ අනන්‍යතාවය පෙන්ටගනය විසින් තහවුරු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !