සුරේෂ් සලේ ගැන මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා කර නැහැ – කොටුව මහේස්ත්‍රාත්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේ යන අය සම්බන්ධයෙන් මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා කර නැතැයි කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර අද (04) ප්‍රකාශ කළා.

ඒ බව මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් නීතිඥවරුන් අධිකරණයෙන් කළ කරුණු විමසා සිටි අවස්ථාවේදීයි.

එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේද යන්න මහේස්ත්‍රාත්වරයා විමසා සිටියා.

එම අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වූ නිලධාරියා කියා සිටියේ කරුණු මෙතෙක් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර නැති බවයි.

රඳවා ප්‍රශ්න කරන තම සේවා දායකයා හමුවී උපදෙස් ලබා ගැනීමට බදාදා දිනය ලබා දී ඇති බවත් එම දිනයට අමතරව තවත් දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි නිතිඥවරයා ශ්‍රී ලංකා ජනරජය වෙනුවෙන් ඉටු කරන ලද සේවාව නිසා, ඔහුට ජීවිත තර්ජන ඇති හෙයින් ඔහුට නිවසින් ආහාර ලබාදීමට ඉඩ ලබා දෙන ලෙසත්, ඔහුගේ පුත්‍රයාට ඔහු වෙත ප්‍රවේශය ලබාදීමට ඉඩ සලසන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

2026 ක් වූ පෙබරවාරි මස 25 වන දින අත්අඩංගුවට ගැනීමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කර ඇති බවත් එකී අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගේ නිවස වෙත ඔහු රැගෙන ඒම සිදු කරනු ලැබූ අතර නිවස පරීක්ෂා කිරීමට අවශ්‍ය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා සිටියා.

එම අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් සෝදිසි වරෙන්තුවක් ඇත්දැයි යන්න ඔහුගේ භාර්යාව විසින් අදාල නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නිවසක් සෝදිසි කිරීමට එලෙස සෝදිසි වරෙන්තුවක් අවශ්‍ය නොවන බවට ඔවුන් පවසා ඇති බවත් නිතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම නිවසට ඇතුලු වී නිවස සම්පූර්ණ පරීක්ෂාවකට ලක් කළ ඇතත් කිසිදු කාන්තා පොලිස් නිලධාරිනියක් එම පරීක්ෂාව සඳහා සහභාගි කර ගැනීමක් නොමැතිව මෙම පරික්ෂාව සිදු කර ඇති බවත් ඔවුන් අධිකරණය හමුවේ කියා සිටියා.

එහිදී ඔහුගේ නීතිඥයින්ට අවශ්‍ය නීති උපදෙස් ලබා දීම සහ ලබා ගැනීම සඳහා පහසුකම් ලබා දෙන ලෙසත් නිවසින් ආහාර ලබාදීමට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම නියෝග නිකුත් කිරීම ප්‍රතික්ෂපෙ කරමින් මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ සැකකරු සම්බන්ධයෙන් කරුණු වාර්තා කර නැති බැවින් එම ඉල්ලිම් වලට ඉඩ ලබා දිය නොහැකි බවය.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සහ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ඇත්තේ සඳහා ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය වීමකින් තොරව බව මා වෙත උපදෙස් ලබාදී ඇති බැවින්, එකී රැදවුම් නියෝගය අභියෝගයට ලක් කරමින් නඩු පැවරීමක් සිදු කිරීමට අපේක්‍ෂා කරන බැවින් මෙම නීති කත්‍යයේ හා වෙනත් නීති කෘත්‍යක් මෙම විමර්ශනය ගැන සඳහන් වේ නම් එහිද සම්පූර්ණ සහතික පිටපතක් ඒ සඳහා අවශ්‍ය වී ඇති බැවින් එකී පිටපත ලබා දෙන ලෙස නිතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ නඩුකරයේ සහතික පිටපතක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබා දුන්නා.

එසේම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන ගොස් ඔහුගේ ජීවිතයට හානියක් සිදු කිරීමේ උත්සාහයක් ඇති බවට සැක කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඇති බවට උපදෙස් ලබා දී ඇති බැවින් අධිකරණයේ නිසි අවසරයකින් තොරව රැදවුම් නියෝගය පවතින කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට සැකකරු රැගෙන නොයා යුතු බවට වූ නියෝගයක් ලබා දෙන ලෙසද නිතිඥවරුන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නෞකාව අනතුර වුණ ස්ථානයේ සිටියේ ලංකාවට එන්න අවසර ලැබෙනකල් ද ?..නෞකාව ගැන තොරතුරු රැසක් එළියට
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41