කුරුණෑගල සිට දඹුල්ල දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්න කැබිනට් අනුමැතිය

සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පූර්ණ අපේක්ෂිත ප්‍රතිලාභ සාක්සාත් කර ගැනීම පිණිස මුළු දිග කිලෝමීටර 58.6 ක් වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වන බව අද (04) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දනුම්සිමේ මාධ්‍ය හමුවේදී, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

එම අදියරේ ඉදිකිරීම් සඳහා හඳුනා ගත් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදු කිරීම පිණිස 2025-06-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ භෞතික ප්‍රගතිය 73.3%ක් වන අතර, ඉඩම් අත්පත් කර ගැනීම සඳහා තවදුරටත් වන්දි ගෙවීම් සිදු කළ යුතුව තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV මාර්ග කොටස ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

  • මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් එම අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස වන යෝග්‍ය මුදල් ප්‍රභවය හඳුනාගෙන, ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීම.
  • එම අදියර භූ තාක්ෂණිකව සංවේදී ප්‍රදේශ හරහා දිවෙන බැවින්, ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර මූලික භූ තාක්ෂණික පරීක්ෂණ, බෑවුම් ස්ථායිතාව සහ නායයෑම් අවදානම තක්සේරු කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් ඉටු කරවා ගැනීම.
  • එම අදියර ප්‍රධාන හා සුළු ජල මාර්ග කිහිපයක් හරහා ගමන් කරන බැවින්, ජලවිද්‍යාත්මක නිර්මාණ, ගංවතුර අවදානම් තක්සේරුව සහ කුණාටු ජල කළමනාකරණ සැලසුම් සකස් කිරීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ඉටු කරවා ගැනීම.
  1. එතකොට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රුවන්පුර ආදි වේගී මාර්ගය මොකද වෙන්නේ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08