ගැටුම් ආරම්භ වීමෙන් පසු කටුනායකින් පළමු ගුවන් යානය ඩුබායි බලා පිටත්ව යයි

මැදපෙරදිග යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසු එම කළාපයට අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්හ කරමින් පළමු ගුවන් යානය අද (03) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසා සිටියා.

ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් 8.ඩී. – 821 දරන එම ගුවන් යානය අද දින පස්වරු 01.20 ට කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ.- 320 එයාර් බස් වර්ගයේ මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 47 දෙනෙක් සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 10 දෙනෙක් ගමන් ගෙන තිබේ .

ඉදිරි දින වල දී මැදපෙරදිග කළාපයේ අනෙකුත් ගුවන් ගමන් ද ක්‍රියාත්මක වීමේ ප්‍රවනතාවයක් ඇති වෙමින් පවතින බව කටුනායක ගුවන් සේවා ආරංචි මාර්ග සදහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !