ගුවන් ගමන් ගැන කටුනායක ගුවන් තොටුපොළෙන් විශේෂ දැනුම්දීමක්

මැදපෙරදිග කලාපයේ සියලුම රටවල ගුවන් අවකාශයන් වසා දමා ඇති බැවින් කටුනායක ගුවන් තොටුපොළේ සිට මැදපෙරදිග බලා පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් සියල්ල අද (01) දින සවස 05.00 වන තෙක් තාවකාලිකව අත්හිටුවා ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.

එමෙන්ම අද (01) උදෑසන 06.15 වනවිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිත ගුවන් ගමන් 18ක් සහ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් ගමන් 25ක් අවලංගු කර ඇති බවත්, කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළා.

එමෙන්ම ඊයේ (28) දහවල් කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග බලා පිටත්ව ගිය ෆිට්ස් එයාර් සහ එයාර් ඇරේබියා ගුවන් යානා 02ක් ඊයේ දින ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

අවසාන ගමනාන්තය මැදපෙරදිග හෝ මැදපෙරදිග හරහා වෙනත් ගමනාන්තයන් වෙත ගමන් කිරීමට සැළසුම් කර ඇති ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට පෙර තම ගුවන් සේවා නියෝජිතයන් ඇමතීම, ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපි සහ කෙටි පණිවිඩ වෙත සිය අවධානය යොමු කිරීම සිදුකරන ලෙසත්, නැතිනම් කටුනායක ගුවන් තොටුපොළ www.airport.lk වෙබ් අඩවිය වෙත පිවිස ගුවන් ගමන් විස්තර පිළිබද යාවත්කාළීන වන ලෙසත් කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ඉල්ලීමක් කරනවා.

උදගත වී තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවෙන් බැහැර වී යාමට නොහැකි වී ඇති විදේශීය ගුවන් මගීන් සදහා, මෙරට රැදී සිටීමට තවත් දින 07 ක වීසා සහන කාලයක් ආගමන විගමන පාලක ජනරාල්වරයා විසින් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මේ අතර ඕස්ට්‍රේලියාව, චීනය, මැලේසියාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, තායිලන්තය, ප්‍රංශය, එංගලන්තය සහ ජර්මනිය බලා පිටත්ව යන සහ එම රටවල සිට පැමිණෙන ගුවන් යානා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32