ඉශ්‍රායලය සහ ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර සහ ඉරානය විසින් එල්ල කරන ප්‍රති ප්‍රහාර සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් මැදපෙරදිග කලාප වෙත සිදු කරන ගුවන් ගමන් ප්‍රමාද වන බව නිවේදනය කර තිබෙනවා.
මේ වන විට ඇතිව තිබෙන තත්ත්වයත් සමඟ මැදපෙරදිග ගුවන් සීමාවන් වසා දැමීමට රටවල් කිහිපයකම කටයුතු කර තිබෙනවා.
ඒ අනුව බ්‍රිතාන්‍යය, යුරෝපය සහ අනෙකුත් උතුරු දිශානුගත ගමනාන්ත වෙත පියාසර කිරීමට නියමිත ගුවන් ගමන් කාලසටහනට වඩා ප්‍රමාද විය හැකි බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර ඇත්තේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1













