අම්බලන්ගොඩ, අහුන්ගල්ල ප්‍රදේශයේ දී අයිස්, හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 14ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13ක් සොයාගෙන ඇති අතර, ඒවායේ වටිනාකම රුපියල් මිලියන 500ක්.
ඊට අමතරව මිලිමීටර් 09 පතොරම් උණ්ඩ 30ක් සහ මිලිමීටර් 38 පතොරම් උණ්ඩ 30ක් ද සැකකරුවන් සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.













