දිවයිනට රැගෙන ආ පොඩි ලැසීට දින 07ක් රැඳවුම් නියෝග

ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන ආ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අපරාධ කල්ලි සාමාජිකයෙක් වන ජනිත් මධුසංඛ නොහොත් ‘පොඩි ලැසී’ දින 07ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා.

ඒ, ඔහු අද (27) දින බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගැනුණු පොඩි ලැසී අද (27) අලුයම මෙරටට රැගෙන ආවා.

මෙරටට රැගෙන ආ ඔහු ඉදිරි විමර්ශන කටයුතු සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙතයි රැගෙන යනු ලැබුවේ.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාව කටයුතු කළ මනෝජ් මෙන්ඩිස් නැමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් 2016 වසරේදී පොඩි ලැසීව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඉන් පසුවත් අවස්ථා කිහිපයකදී අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පොඩි ලැසී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම්භාරයේ සහ රක්ෂිත බන්ධනාගාරගතව පසු වුණා.

පසුගිය 2020 වසරේ දී බූස්ස අධි ආරක්ෂිට බන්ධනාගාරයේ රඳවා සිටිය දී බන්ධනාගාර නිලධාරීන් පිරිසකට මරණ තර්ජන එල්ල කිරීම සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකුට ද තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා.

ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව පසුවෙද්දී ඊට අදාළව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුතතෙන් 2018 වසරේදී ඇප නියමවූ අතර, 2024 වසරේ දෙසැම්බර් මාසය දක්වා ඇප කොන්දේසි සම්පූර්ණ කර බන්ධනාගාරයෙන් පිටවීමට පොඩි ලැසී කටයුතු කර තිබුණේ නැහැ.

2024 වසරේ දෙසැම්බර් මස 09 වනි දින නීතීඥයින් මාර්ගයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොඩි ලැසී අධිකරණය මගින් නියම කර තිබූ ඇප කොන්දේසි සම්පූර්ණ කර පිටව ගියා.

ඇප ලැබීමෙන් අනතුරුව පොඩි ලැසී අතුරුදන්ව සිටි අතර, පසු ඔහු ඉන්දියාවට පලා ගොස් ඇති බවයි කරුණු අනාවරණය වුණේ.

ඇප කොන්දේසි ද උල්ලංඝණය කරමින් ඉන්දියාවට පලා ගොස් තිබූ පොඩි ලැසී පසුගිය වසරේ ජනවාරි මාසයේදී නීති විරෝධි ලෙස ඉන්දියාවට ඇතුල්වීමේ චෝදනා මත එරට දී අත්අඩංගුවට ගෙන තිබුණා.

එලෙස අත්අඩංගුවට පත්ව සිටි පොඩි ලැසී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධරීන් දෙදෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගොස් අද (27) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිදු පුරවැසියෙක් පාලකයට බයේ ඉන්න ඕනි නෑ - මාව ප්‍රශ්න කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා
07:07
Video thumbnail
අපිට පොහොසත්ම රට වෙන්න අමාරුයි හැබැයි අභිමානවත්ම රට වෙන්න පුළුවන්
05:29
Video thumbnail
ඔස්ට්‍රේලියාවට යන්න ඔබටත් දැන් අවස්ථාවක්
02:22
Video thumbnail
සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
01:23
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ
00:41
Video thumbnail
ට්‍රීට්මන්ට් එකක් ගන්න ආ කොල්ලා වීඩියෝ කළා කියලා SPA අක්කට යකා නගියි
00:44
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි
02:26
Video thumbnail
වෙළෙඳසැලකට පැනලා භාණ්ඩ හොරකම් කළ කපල් එක - සොර යුවලගේ කුරුමාණම අතේ මාට්ටු ?
02:46
Video thumbnail
කොහොමද මාලිමාවේ ඇමතිලගේ වැඩ - ඇමති වසන්ත මෝටර් ග්‍රේඩරයක නැගලා සුපිරියට වැඩ කරන හැටි
02:11
Video thumbnail
මාලිමාවේ ගෑණුන්ට ග#පු පොල්ගෙඩියේ බෑයක්ම ඇවිත් චරිත්ගේ ඔළුවට වැදුණා - වේදනාව බේබිලට ඇහෙන්න ඕනි
07:26