ඇල්පිටිය පොලිස් වසමේ බටුවන්හේන, පොල්ගස්වත්ත ප්‍රදේශයේදී කුරුදු පොල්ලකින් සිදු කළ පහර දීමක් නිසා පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් සහෝදරයන් දෙදෙනෙක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් වැඩිමල් සහෝදරයා විසින් තම බාල සොහොයුරාට සිදුකළ පහරදීමක් නිසා මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 73 හැවිරිදි පස්දරු පියෙක්.
සිද්ධියට සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













