සංවිධානාත්මක අපරාධකරුවන් මඩින්න ඉදිරි සති දෙකේදී නව පනතක්

සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා වූ නව පනතක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබද අමාත්‍ය, ආනන්ද විජේපාල පවසනවා.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (25) මීරිගම පොලිසිය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමින්.

එම පනත ඉදිරි සති දෙක ඇතුළත අමාත්‍ය මණ්ඩලයටත්, තවත් සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවටත් ඉදිරි පත් කිරීමට නියමිත බවයි අමාතවරයා සඳහන් කළේ.

  1. රජය මගින් කරන ඉතාම හොද දෙයක් .. නැත්නම් මාධ්‍ය වාර්තා මහත්වරුන් මේව අද ඊයේ විතරක් උනා වගේ කථාකරන්නේ…