AFC Banner
Empty Ad
Empty Ad

පියුමියි චන්දිමාලුයි චමුදිතට ගුලියක් අඹරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ යන දෙදෙනාගේ නීතිඥයා විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගිය ජුනි 04 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් ඔස්සේ මන්ජු ශ්‍රි චන්ද්‍රසේන නම් නීතිඥවරයා නීතිපතිවරයාට පෙන්වා දී ඇත්තේ පසුගියදාක පෞද්ගලික රුපවාහිනී නාළිකාවක් ඔස්සේ විකාශය කෙරුණු සංවාදාත්මක වැඩසටහනකදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ දැමීමට චේතනාන්විතව කටයුතු කර ඇති බවයි.

එම ලිපියේ මෙසේද සඳහන්වේ,

“..එහිදී ගරු අධිකරණය වැරදි තීන්දුවක් ලබාදී ඇති බව සමාජගත වන අයුරින් චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියා ප්‍රශ්න ඇසූ බවත්, එක අවස්ථාවක ඔහු අධිකරණය වැරදිද යන ආදී වශයෙනුත්, තවත් අවස්ථාවක ඔහුට අධිකරණය ගැන ප්‍රශ්න ඇති බවටත් ප්‍රකාශ කළ බවත්, චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාගේ හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් වී ඇති බවත් මාගේ සේවාදායකයා ප්‍රකාශ කර සිටී.”

මෙම කරුණු සලකා බලා වරදක් සිදුකර ඇත්නම් චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ නීතිඥවරයා නීතිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලින්ඩරේ එල්ලුන පියල් නිශාන්ත - දැන් කියන කතාව #ranilwickremesinghe
02:22
Video thumbnail
හිටපු ජනාධිපති චන්ද්‍රිකා එකම වේදීකාවේ රනිල්ගේ මූණ බලාගෙන රිදෙන්න කිව්ව කතාව
07:30
Video thumbnail
ඔබට ඉක්මනින් කේන්ති යනව ද? එය නැතිකරගන්නේ මෙන්න මෙහෙමයි
07:20
Video thumbnail
ඉංග්‍රීසි දන්නේ නැති මෛත්‍රී ඉංග්‍රීසි දන්නවා වගේ ඉන්න ලස්සන #shorts #viralvideo #trendingnews
00:12
Video thumbnail
රනිල් - චන්ද්‍රිකා - මෛත්‍රී එකම වේදිකාවක - රනිල් චන්ද්‍රිකාට කිව්ව රහස #srilankapolitics
00:46
Video thumbnail
ඔක්තෝම්බර් 01වෙනදි විදුලි බිල සංශෝධනය වන දිනයතාම කතාවක් නෑ #npp #anurakumaradissanayake
02:12
Video thumbnail
ඇය සතුටින් ගෙවන ජීවිතේ #shorts #vairalvideo
00:16
Video thumbnail
කතන්දර එපා.... විවෘතව කතා කරන්න - ආනන්ද පාලිතගෙන් ජනපතිට දෝස්මුරයක්
02:12
Video thumbnail
සැඩ පහරට ගිය සුපිරිය රිය ගොඩට ගත් ක්‍රියාන්විතය
05:29
Video thumbnail
හොරු අල්ලන්න එන රන්ජන් #ranjanramanayake
07:27

?