පියුමියි චන්දිමාලුයි චමුදිතට ගුලියක් අඹරයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පියුමි හංසමාලි සහ චන්දිමාල් ජයසිංහ යන දෙදෙනාගේ නීතිඥයා විසින් නීතිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

පසුගිය ජුනි 04 වැනිදා නීතිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියක් ඔස්සේ මන්ජු ශ්‍රි චන්ද්‍රසේන නම් නීතිඥවරයා නීතිපතිවරයාට පෙන්වා දී ඇත්තේ පසුගියදාක පෞද්ගලික රුපවාහිනී නාළිකාවක් ඔස්සේ විකාශය කෙරුණු සංවාදාත්මක වැඩසටහනකදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අධිකරණය කෙරෙහි ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ දැමීමට චේතනාන්විතව කටයුතු කර ඇති බවයි.

එම ලිපියේ මෙසේද සඳහන්වේ,

“..එහිදී ගරු අධිකරණය වැරදි තීන්දුවක් ලබාදී ඇති බව සමාජගත වන අයුරින් චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියා ප්‍රශ්න ඇසූ බවත්, එක අවස්ථාවක ඔහු අධිකරණය වැරදිද යන ආදී වශයෙනුත්, තවත් අවස්ථාවක ඔහුට අධිකරණය ගැන ප්‍රශ්න ඇති බවටත් ප්‍රකාශ කළ බවත්, චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාගේ හැසිරීම තුළින් අධිකරණයට අපහාසයක් වී ඇති බවත් මාගේ සේවාදායකයා ප්‍රකාශ කර සිටී.”

මෙම කරුණු සලකා බලා වරදක් සිදුකර ඇත්නම් චමුදිත සමරවික්‍රම නමැති මාධ්‍යවේදියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ නීතිඥවරයා නීතිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05
Video thumbnail
දෙයියන්ගෙම පිහිටයි සජිත් ප්‍රේමදාසට - ප්‍රසාද්ට කට උත්තර නැතිකළ බිමල්
01:17
Video thumbnail
Dasatha Vimasuma| මාලිමාව නියමයි..මම දුන්නෙත් මාලිමාවට දෙන්නෙත් මාලිමාවට..මාව මැ#වත් කමක් නෑ
01:40