රුපියල් 500ක අල්ලසක් ගත් වැඩබලන රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

රුපියල් 500ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් මත, ආලයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ බලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක ලබන මාර්තු මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (24) නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

මරදමුනේ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම වැටලීම සිදුකර සැකකාරිය අත්අඩංගුවට ගත් බව එම කොමිසම පවසනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ ආලයඩිවෙම්බු ප්‍රාලේකම් කාර්යාලයේ වැඩ බලන උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර්වරියක්.

පැමිණිලිකරු සිය දියණියගේ උප්පැන්න සහතිකය ලියාපදිංචි කරවා ගැනීමට ගිය අවස්ථාවේදී, සැකකාර රෙජිස්ට්‍රාර්වරිය ඒ සඳහා රුපියල් 1,000ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා තිබේ.තිබෙනවා.

අදාළ මුදලින් රුපියල් 500ක් මුලින් ලබාගෙන ඇති සැකකාරිය, ඉතිරි රුපියල් 500ක මුදල ඉකුත් 16 වැනිදා උප්පැන්න සහතිකය ලබා ගැනීමට පැමිණෙන විට රැගෙන එන ලෙස දන්වා ඇති බවත් ඒ අනුව ඉකුත් (16) වැනිදා සැකකාරියගේ නිවසේ පවත්වාගෙන යනු ලබන කාර්යාලයේ දී ඉතිරි මුදල ලබාගන්නා අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසම සඳහන් කරනවා.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකාරිය අක්කරෛපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී ලබන මස 10 වනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිකනල්ලු කෑගැහුවා කියලා හාමුදුරුවරු බයත් නෑ..ශාසනයට අගෞරව කිරීමේ ප්‍රතිඵලය තමයි මේ
04:57
Video thumbnail
ජොන්ස්ටන් හිනාවෙවී එළියට ආ හැටි..සෙනඟක් ඇවිත් ජොන්ස්ටන්ව වට කරයි
01:38
Video thumbnail
හෙට වෙනකොට රාජපක්ෂ කෙනෙක් අත්අඩංගුවට ගන්න..නැත්තම් තිස්සකුට්ටි කුදලන් යන්න
02:09
Video thumbnail
පොහොට්ටුවේ ආණ්ඩුවක් තුළ අනුරට දියයුතු දඬුවම් දෙනවා..තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
07:10
Video thumbnail
කන්ටේනර් 323 ගැන අජිත් පෙරේරාගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අපි නිශ්ශබ්දව ඉන්නේ නෑ..
13:17
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55