කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ විශේෂ තෙදින ඩෙංගු මර්දන වැඩසටහනක් අද (24) දිනයේ සිටආරම්භ වනවා.

ඩෙංගු රෝගීන් වැඩි සංඛ්‍යාවක් සිටින ප්‍රදේශවල ඉලක්කගත ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර පැවසුවේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රජා පොලිස් ඒකක සහ අනෙකුත් කණ්ඩායම් ඇතුළු කණ්ඩායම් මේ සඳහා සහභාගී වනවා.

වර්තමානයේ දිවයිනේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

මේ වසරේ මේ දක්වා කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පමණක් වාර්තා වී තිබෙන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 889ක්.

දිවයින පුරා, මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 12,165ක් වාර්තා වීතිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?