වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස් පරීක්ෂක ජගත් නිශාන්ත විදෙස් ගතව සිට මෙරටට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ මොහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
2023 වසරේ දෙසැම්බර් 31 වනදා වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩි හුවමාරුවකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්තව සිටි පොලිස් සාජන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා.
වැටලීමක් අතරතුර වෙඩි තැබීමක් සිදුව තිබූ අතර පසුව වෙඩි තැබීම සිදුකළ වෑන් රථය පසුපස වැලිගම පොලිසිය හඹා ගොස් ප්‍රති ප්‍රහාර එල්ල කර තිබුණා.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවුණු අතර, මෙම සිද්ධියට එවක පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ට
ඍජුවම චෝදනා එල්ල වුණා.
අනතුරුව ඔහුගේ වැඩතහනම කෙරුණු අතර, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් දේශබන්දු තෙන්නකෝන් අදාළ චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ලෙස නම් කළා.



