බ්‍රිතාන්‍යයේ විලියම් කුමරුගේ ගෝලීය පාරිසරික සම්මාන උලෙළ වන Earthshot මේ වසරේ දී මුම්බායි හි දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එම සම්මාන උත්සවයට ඉන්දියාව සත්කාරකත්වය සපයන පළමු අවස්ථාව මෙයයි.
මෙම නිවේදනය මුම්බායි දේශගුණික සතිය ආරම්භයේදී නිකුත් කරන ලද අතර, නොවැම්බර් මාසයේ පැවැත්වෙන සම්මාන උලෙළ ලොව පුරා සිටින පාරිසරික නායකයින්, දානපතියන් සහ ආයෝජකයින් එක්රැස් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
2020 දී වේල්ස් කුමරු විසින් ආරම්භ කරන ලද Earthshot ත්‍යාගය, දේශගුණය සහ සොබාදහමේ අර්බුදයට මුහුණ දීම අරමුණු කරගත් විසඳුම් සැලසුම් කිරීම සඳහා ජයග්‍රාහකයින් පස් දෙනෙකුට වාර්ෂිකව පවුම් මිලියන 01 බැගින් ප්‍රදානය කරනවා.
මෙම ත්‍යාගය ස්වභාවධර්මය ආරක්ෂා කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, වාතය පිරිසිදු කිරීම, සාගර පුනර්ජීවනය කිරීම, අපද්‍රව්‍ය රහිත ලෝකයක් ගොඩනැගීම සහ දේශගුණය නිවැරදි කිරීම වැනි තේමාවන් වටා ව්‍යුහගත කර තිබෙනවා.



