ගිහියන්ට, ස්වාමීන් වහන්සේලාට අභියෝග කළ නොහැකි බවත්, කිසිම අයෙකුට බුද්ධාගමට, බුද්ධ ශාසනයට අභියෝග කළ නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
එලෙස බුද්ධාගමට, බුද්ධ ශාසනයට අභියෝග කරනවා නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (21) තිස්සමහාරාම ගැමුණු පුර ශ්‍රී විශුද්ධාරාම විහාරස්ථානයේ යෝජිත නව සංඝාවාස ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ පසුගිය කාලයේ විවිධ පුද්ගලයන් ස්වාමීන් වහන්සේලාට ආමන්ත්‍රණය කළ ආකාරය පිළිබඳව කලකිරීමට පත්වන බවයි.
අප රට තුළ බුදුදහමට සුවිශේෂ ස්ථානයක් හිමිවන බවට උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවා තහවුරු කර ඇති බව සඳහන් කරන විපක්ෂ නායකවරයා, බුද්ධශාසනය ශක්තිමත් කිරීම පෝෂණය කිරීම සහ ආරක්ෂා කරන අතරතුර සෙසු ආගම් ජාතිවලට ඔවුන්ගේ ආගමික අයිතියට සංස්කෘතික අයිතියට සුරක්ෂා කිරීමත් සිදුකළ යුතු බවයි පැවසුවේ.



