හුරිගස්වැව පොලිස් වසමේ කලංකුට්ටිය ප්රදේශයේදී කලංකුට්ටිය ඇල මාර්ගය අසල මාර්ගයේ අපරික්ෂාකාරි ලෙස ධාවනය වූ ට්රැක්ටරයක් කලංකුට්ටිය ඇලට පෙරළීමෙන් ඊයේ (18) සවස අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ ට්රැක්ටර් රථයේ රියැදුරු තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 26 හැවිරිදි කලංකුට්ටිය ප්රදේශයේ පදිංචිකරුවෙක්.
හුරිගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු සිදු කරනු ලබනවා.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1



