රාජගිරිය කලපලුවාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් අනතුරුව ත්‍රීරෝද රථ රියදුරෙක්ට පහරදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් හය දෙනෙක් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් පෙබරවාරි මස 20 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞශල්‍යය අද (18) නියෝග කළා.
සැකකරුවන්ගේ පහර කෑමට ලක් වූ පැමිණිලිකාර පුද්ගලයා උණ හා සෙම්ප්‍රතිශ්‍යා රෝගී තත්ත්වයෙන් පෙළීම නිසා ඔහු රෝහල්ගතව ඇති බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටිි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් සැකකරුවන් හය දෙනා එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවන් හය දෙනා ආවරණය කර අධිකරණය වෙත ඉදිරිපත් කර කළා.
පියුමි හංසමාලිගේ පුත්‍රයාගේ හිතවතෙක් මීට මාස කීපයකට ඉහතදී යතුරුපැදියක නැගී රාජගිරිය ප්‍රදේශයේ යමින් සිටියදී ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව ඇති බවත් සිද්ධියෙන් පසු එම ස්ථානයට පැමිණි පියුමි හංසමාලිගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පිරිස ත්‍රීරෝද රථ රියදුරුට පහරදී ඇති බවට මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වන බව වැලිකඩ පොලිසිය පෙර නඩු වාරයේදී අධිකරණයට දැනුම්දී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලිකාර පුද්ගලයා වැලිකඩ පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තෙක් එසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.
සැකකාරුවන් වෙනුවෙන් ඉමාෂා සේනාධිර හා අචිනි උමයංගනී නීතිඥවරියන් දෙපළ පෙනී සිටියා.













