සමාජ පරිවර්තනයකට අවශ්‍ය නූතන සිසුවා නිර්මාණය කිරීමට ගුණාත්මක ගුරුවරුන් බිහිකළ යුතුයි – අග්‍රාමාත්‍යවරිය

සමාජ පරිවර්තනයකට අවශ්‍ය නූතන සිසුවා නිර්මාණය කිරීමට හැකිවන්නේ ගුණාත්මක විෂයමාලා හැදෑරීමකින් හා පුහුණුවකින් සමන්විත වූ ගුරුවරුන් පාසල් පද්ධතියට එක්කිරීමෙන් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි විෂයමාලා නවීකරණය කිරීම සම්බන්ධ මෙහෙයුම් කමිටු සාමාජිකයින් සමඟ ඊයේ (16) පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සෑම ගුරුවරයෙකුම උපාධි සුදුසුකම් සහිත අයෙක් විය යුතුයි යන රජයේ සංකල්පයට අනුව, විද්‍යාපීඨ විෂයමාලා නවීකරණය සිදුකළ යුතු ආකාරය සහ විද්‍යාපීඨ ඩිප්ලෝමාව අධ්‍යාපනවේදී උපාධියක් දක්වා උසස් කිරීමේදී, ශිෂ්‍යයන්ගේ දක්ෂතාවන් සහ පාඨමාලාවන්හි ප්‍රමිතිය මැන බැලීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයන්හි විෂයමාලා නවීකරණය කිරීම සම්බන්ධ මෙහෙයුම් කමිටු සාමාජිකයින්හට ලබාදීම මෙහිදී අග්‍රාමාත්‍යවරිය විසින් සිදුකරනු ලැබුවා.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ අනාගතයේ දී අත්පත් කර ගැනීමට අපේක්ෂිත ඉලක්කයක් වන සෑම ගුරුවරයෙකුම උපාධිධාරියෙකු බවට පත් කිරීමේ සංකල්පයේ පළමු පියවර ලෙස විද්‍යාපීඨ විෂයමාලා නංවාලීම හඳුන්වාදිය හැකි බවයි.

එසේම විද්‍යාපීඨ තුළ මානව සම්පත හා යටිතල පහසුකම් දියුණු කිරීම පිළිබඳවත්, සිසුන් දැඩි පීඩාවකට පත් නොවන සේ සමබරව පාඨමාලා කාලසටහන් සෑදීම පිළිබඳවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.
.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42