ඉස්සන් කිලෝව 4000ට නගී

මීගමුව, පොරුතොට ඉස්සෝ වාඩිය ඇතුළු ඉස්සන් අලෙවිකරන ස්ථානවල ලොකු ඉස්සන් කිලෝව රුපියල් 4,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව ඉස්සන් අලෙවිකරන්නන් පවසනවා..

පොරුතොට ඉස්සෝ වාඩිය, පොරුතොට ලෙල්ලම සහ මාළු අලෙවිසැල්වල ඉස්සන් කිලෝව මේ වන විට අලෙවි වන්නේ රුපියල් 4.000කට අධික මිලකටයි.

ඉකුත් ගංවතුරට පෙර එම ඉස්සන් කිලෝව අලෙවි වී ඇත්තේ 1.800ත් 2.000ත් අතර මිල ගණන්වලටයි.

මේ වන විට එම මිල දෙගුණයකින් වැඩි වී තිබෙනවා.

මේ හේතුවෙන් සංචාරක හෝටල්, අවන්හල් ඇතුළු ඉස්සන් මීලදී ගන්නා ව්‍යාපාරිකයන් සහ එදිනෙදා පරිභෝජනයට ඉස්සන් මීලද ගන්නා ගැණුම්කරුවන් ඉස්සන් මීලදි ගැනීමට මැලිකමක් දක්වන අතර, එසේ මිලදි නොගැනීමෙන් ඉස්සන් වෙළෙදුන් අර්බුද රැසකට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මිල වැඩි වීමට හේතුව ලෙස එම වෙළෙදුන් සඳහන් කරන්නේ ඉකුත් දා පැවති දිට්වා සුළි කුණාටුව සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන් ඉස්සන් කොටු ගංවතුර හසුව ඉස්සන් ගසා⁣ගෙන ගිය බවයි.

ඒ හේතුවෙන් ඉස්සන් වගාව කඩා වැටී ඇති බවත්, ඒ තත්ත්වය යථා තත්ත්වයට පත් වීමට තවත් වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඉස්සන් මිලදි ගන්නා හෝටල් සහ අවන්හල් ව්‍යාපාරිකයෝ සඳහන් කරන්නේ මෙවැනි විශාල මුදලකට ඉස්සන් මිලදී ගෙන සිය ව්‍යාපාරය කරගෙන යාමට නොහැකි බවත් ඒ මිලට සාපෙක්ෂව ආහාර මිල ඉහල දැමිය නොහැකි බවයි.

පිසූ ඉස්සන් අධික මිලකට අලෙවි කිරිරීමට නොහැකි බවත් සංචාරකයන් පවා එසේ අධික මිලකට ඉස්සන් මිලදී ගැනීමට දෙවරක් සිතා බලන බව ද හෝටල් හිමියන් වැඩිදුරටත් සඳහන් කරනවා.

බොහෝ ගැනුම්කරුවන් ඉස්සන් මිල අසා මිලදී නොගෙන හැරි යන බව වෙළෙදුන් පවසන්නේ.

මේ දින වල මීගමුවේ දැල්ලන් ⁣කිලෝව 1,200ත් 1,500ත් අතර මිලකට ලබා ගත හැකි බවද එම වෙළෙදුන් සඳහන් කරනවා.

පෙර සිටම ඉස්සන්ගේ මිල ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ අස්වනු නෙළීමේ හිඟකම, ඉහළ නිෂ්පාදන වියදම්, ඉල්ලුම වැඩිවීම සහ කාලගුණික බලපෑම් වැනි සාධකයි.

මෙවර කන්නයේ දී ඒ සියල්ලටම එකවර මුහුණ දිමට සිදු බව ඉස්සෝ වගාකරන්නන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18