ක්‍රිකට් ලෝකයම බලා සිටින ඉන්දු – පාකිස්ථාන තරගය අද – පොලිසියේ 2,600 ක් ආරක්ෂාවට

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ලොවක් බලා සිටින තරගය අද (15) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සංවිධානය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ අනුව මෙම තරගයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 2000ක් පමණ සහ 600 කට ආසන්න රථවාහන පාලනය සම්බන්ධයෙන් නිලධාරීන් ප්‍රමාණයක් යොදවා ඇති බවයි ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ.

අද (15) පස්වරු 7.00ට ආරම්භ වන තරගය සඳහා ක්‍රීඩාංගණයේ සියලු දොරටු පස්වරු 3.00ට මහජනතාව සඳහා විවෘත කරනු ලබන බවයි දැනුම් දෙන්නේ.

සියලූම ටිකට් පත් විකිණී අවසන්ව ඇති බව සංවිධායක මණ්ඩලය විසින් දන්වා ඇති අතර, ඒ අනුව ටිකට්පත් හිමි සියළුම ක්‍රීඩා ලෝලීන්ට ටිකට් පත සමඟින් තරගය නැරඹීම සඳහා මෙහිදී අවකාශය සහ අවස්ථාව උදාවනවා.

මේ අතර ටිකට් පත් ලබා ගන්නට නොහැකි වූ ක්‍රීඩාලෝලීන් ටිකට් පත් ලබාගැනීමේ අරමුණින් මෙම ක්‍රීඩාංගනය අවට සැරි සැරීමෙන් වළකින ලෙස පොලිසිය විශේෂයෙන් දැනුම් දෙනවා.

එමෙන්ම තරගය නරඹන්නට පැමිණෙන සියළුම ක්‍රීඩා ලෝලීන් විසින් ක්‍රීඩාංගනය තුළට ප්ලාස්ටික් හෝ වීදුරු බෝතල් රැගෙන ඒමෙන් වළකින ලෙස දැනුම් දෙන පොලිසිය පානීය ජල අවශ්‍යතාව සඳහා ක්‍රීඩාංගණය තුළ සියලුම පහසුකම් සලසා ඇති බවයි පවසන්නේ.

තවද, කිසිදු අයෙකු බීමත්ව හෝ කලහකාරී ලෙස හෝ අශෝභන ලෙස හැසිරෙන්නේ නම් ඔවුන්ට විරුද්ධව තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බවට ද පොලිසිය අවධාරණය කරනවා.

ඊට අමතරව විශාල ගමන් මලු, හෙල්මට්, ජැකට්, මත්පැන් හා සංගීත භාණ්ඩ කිසිවක් ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒමෙන් වළකිය යුතු වන අතර, ඩ්‍රෝන උපකරණ, පිහි වැනි උපකරණ, ඉලෙක්ට්‍රොනික් අයිතමයන් ද ක්‍රීඩා භූමිය තුළට රැගෙන ඒමෙන් වළකිය යුතුයි.

මේ අතර කෙත්තාරාම මාවත හංදියෙන් සහ විල්සන් පෙරේරා මාවතෙන් බ්‍රිට්‍රෝබබා පුල්ලේ හංදියෙන් කිසිදු වාහනයකට ඇතුළත් වන්නට හැකියාව නොමැති අතර ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිකුත් කරපු අවසර පත්‍රයක් මත මෙම හන්දි දෙකෙන් ඇතුල් විය හැකි අතර වෙනත් කිසිදු වාහනයකට ඇතුළත්වීමේ හැකියාව ලැබෙන්නේ නැහැ.

එමෙන්ම මහජනතාවගේ පහසුව සදහා රථ ගාල් කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

ක්‍රිඩාංගණ භූමිය රථගාල, සතොස රථගාල, සෙබෙස්තියන් ඇළ පාර රථගාල, මැටි පාර්ක් රථගාල, කෝවිල පාර රථගාල හා ඇපල් වත්ත රථගාල මෙන්ම අඩි 100 මාර්ගයේ දෙපස ඔබට රථගාල් හැටියට භාවිතා කළ හැකි බව දැනුම් දෙනවා.

මෙහිදි වින්සන්ට් පෙරේරා මාවත, ග්‍රෑන්ඩ් පාස් පාර, බ්‍රිටෝබබා පුල්ලේ මාර්ගය, සෙබස්තියන් ඇල පාර මැල්වත්ත පාලම අසලින් ක්‍රීඩංගනය දෙසට ඇතුළු වීම, අඩි 100 පාර, පන්සල පාර හන්දියෙන් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම, මාළිගාවත්ත පටුමග, ක්‍රීඩාංගනය අසලින් අතුරු මාර්ගයෙන් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම, සද්ධම මාවතපන්සල් පාර (ඛෙත්තාරාම පාර) හන්දියෙන් පන්සල පාරට ඇතුළු මාර්ගයන් වලින් රථවාහන ගමනාගමනය සීමා කරනු ලබනවා.

සියලු නරඹන්නන් සී.සී.ටී.වී දර්ශණ පරීක්ෂා කිරීම්, ශරීර පරීක්ෂා කිරීම් හා වාහන සෝදිසි කිරීම් සඳහා නිරන්තරයෙන්ම මෙම තරඟය පටන් ගැනීමට පෙර සිටම ක්‍රියාත්මක බවද පොලිසිය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40