නව පුනරුද යුගයක් කරා රට මේ වන විට ගමන් කරමින් සිටින බව ජනපති කියයි

සියලු මානව බැඳීම්වලට ගරු කරන විනයගරුක සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමේ දී මහා ශිව රාත්‍රීය වැනි
ආගමික හා සංස්කෘතික අවස්ථා ඉතා වැදගත් බවට තරයේ විශ්වාස කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

අදට යෙදී ඇති මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරනවා.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යවසනයට මුහුණ දීමෙන් පසු තිර අදිටනින් සහ සැලසුම් සහගතව නැගී සිටිමින් දේශපාලන, ආර්ථික සහ සමාජයීය නව පරිවර්ථනයක් සමඟ නව පුනරුද යුගයක් කරා මේ වන විට රට ගමන් කරමින් සිටින බවයි ජනාධිපතිවරයා එම පැතුම් පණිවුඩය මඟින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මහා ශිව රාත්‍රී දින සුබපැතුම් පණිවුඩය

මෝහන්ධකාරය දුරු වී ප්‍රඥාලෝකය දැල්වේවා යන ප්‍රාර්ථනයෙන් ලෝකවාසී හින්දු ජනතාව මහත් බැතියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.
ලෝකවාසී හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මංගල්‍යය ලෙස මහා ශිව රාත්‍රී දිනය සැලකේ. ශිව දෙවියන් සහ පාර්වතීගේ එක් වීමත්, ශිව දෙවියන් ඔහුගේ දිව්‍යමය නර්තනය වන තාණ්ඩව නර්තනය ඉදිරිපත් කරන අවස්ථාවත් මෙමඟින් සිහිපත් කෙරේ. එයින් ලෝකයෙහි හා ජීවිතයෙහි “මෝහන්ධකාරය ජය ගැනීම” සංකේතවත් කරයි.
සියලු මානව බැඳීම්වලට ගරු කරන විනයගරුක සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමේදී මෙවැනි ආගමික හා සංස්කෘතික අවස්ථා ඉතා වැදගත් බව මම තරයේ විශ්වාස කරමි. මමත්වය දුරු කරමින් සිත් සතන් තුළ ආධ්‍යාත්මික පිබිදීමක් ජනිත කරවන මහා ශිව රාත්‍රී ආගමික වත්පිළිවෙත් අවංකභාවය, ත්‍යාගශීලිභාවය සහ සමාව දීම යන සත්‍යවාදී ගුණාංග අනුව ජීවත්වීමට අපිට ආරාධනා කරයි.
එමෙන්ම, මහා ශිව රාත්‍රියේ ආධ්‍යාත්මික පණිවිඩය එකිනෙකා අතර සාමුහික බව තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් ලෙසද මම දකිමි.
මෑත කාලීන දරුණුතම ස්වභාවික ව්‍යසනයකට මුහුණ දීමෙන් පසුව, ඒ හමුවේ තිර අදිටනින් සහ සැලසුම් සහගතව නැඟී සිටීමින් දේශපාලන, ආර්ථික සහ සමාජයීය නව පරිවර්තනයක් සමඟ නව පුනරුද යුගයක් කරා අපි මේ වන විට ගමන් කරමින් සිටින්නෙමු. මහා ශිව රාත්‍රී දින දැල්වෙන පහන් ආලෝකයෙන් හදවත් එකලු කරමින් අප තෝරා ගත් එ’මඟ වඩ වඩාත් හෙළි කර ගැනීමට එක්වන ලෙස මම සියලු දෙනාට ආරාධනා කරමි.
මහා ශිව රාත්‍රී දිනය සමරන ශ්‍රී ලාංකික හින්දු බැතිමතුන් ඇතුළු ලෝකවාසී හින්දු ජනතාවගේ යහපත් අභිමතාර්ථ සඵල වන අර්ථවත් මහා ශිව රාත්‍රී දින සැමරුමකට ශුභාශිංසන එක් කරමි.
අනුර කුමාර දිසානායක
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14