නීතිවිරෝධීව ප්‍රතිජීවක එන්නන් ගෙන ආ අයෙක් ගුවන්තොටේදී මාට්ටු

රුපියල් ලක්ෂ දොලහක් වටිනා ප්‍රතිජීවක එන්නන් තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එමින් තිබියදී, ඒවා රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියා ද සමග අද (13) දහවල් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 30 හැවිරිදි වියේ පසුවන හලාවත ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරියෙක් බවයි පොලිසිය සඳහන් කළේ .

ඔහු අද (13) දින දහවල් 11.40 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1283 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ මෙම ප්‍රතිජීවක එන්නන් තොගය සගවා ගෙන පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?