කිලිනොච්චියේදී පොලිසියෙන් කැබ් රථයකට වෙඩි

කිලිනොච්චිය, ධර්මපුරම් පොලිස් වසමට අයත් විශ්වමඩු ප්‍රදේශයේදී අද (13) අලුයම 12.45 ට පමණ අණ නොතකා ධාවනය කළ කැබ් රථයකට පොලිසිය විසින් වෙඩි තබා තිබෙනවා.

එම වෙඩි වැදීමෙන් කැබ් රථයේ රෝදයකට හානි සිදුව ඇති අතර ඉන් අනතුරුව එහි රියදුරු පොලිසියට භ වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස පොලිසිය විසින් වෙඩි තබා ඇත්තේ නීති විරෝධී වැලි ජාවාරමේ නිරත වූ කැබ් රථයකට බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් එම රථයේ රියදුරු මේ වන විට පොලිස් අත්අඩංගුවේ පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?