තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපට අද (13) පස්වරු 05.00ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෝටර් රථයක සිටි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් ඉලක්ක කර ගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ.
තවත් මෝටර් රථයකින් පැමිණි දෙදෙනෙක් විසින් T 56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් මේ වන විටත් යොමුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
5
+1
1
+1
1
+1
+1
+1



