පොලිස් වෙඩි පහරින් දිවි අහිමි වූ තරුණයාගේ ඥාතීන් විරෝධතාවයක (වීඩියෝ)

පොලිස් අණ නොතකා පලායමින් සිටි වෑන් රථයක් නැවැත්වීම සඳහා පොලිසිය සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් තරුණයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පසුගිය (10) වැනිදා වාර්තා වුණා.

කයිට්ස් පොලිසිය විසින් එදින රාත්‍රියේ අල්ලපිඩ්ඩි හන්දිය ආසන්නයේදී ධාවනය වෙමින් පැවති සැක කටයුතු වෑන් රථයක් නැවැත්වීම සඳහා සංඥා කර ඇති අතර එම වෑන් රථය අණ නොතකමින් මණ්ඩතිව් දෙසට ධාවනය කර තිබෙනවා.

ඒ අවස්ථාව වන විට මණ්ඩතිව් මාර්ග බාධකය පරීක්ෂාව සඳහා ගොස් අල්ලපිඩ්ඩි දෙසට ගමන් කරමින් තිබූ කයිට්ස් ස්ථානාධිපතිගේ ජීප් රථයට මේ සම්බන්ධයෙන් දැනුම් දීමට වෑන් රථය නැවත්වීමට සංඥා කළ නිලධාරීන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් ජීප් රථයේ නිලධාරීන් වෑන් රථය නවත්වා ගැනීම සඳහා උත්සාහ කළද තවදුරටත් වෑන් රථය ධාවනය කළ නිසා පොලිසිය අහසට වෙඩි තබා ඇති අතර ඒ අවස්ථාවේදීත් නොනවත්වා පලා ගිය නිසාවෙන් වෑන් රථය නවතා ගැනීම සඳහා පොලිසිය වෑන් රථයට සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් වෑන් රථයේ රියදුරු වෙඩිවැදී තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත් වුණා.

එලෙස ජීවිතක්ෂයට පත්වුණේ වයස අවුරුදු 17ක් වූ වඩුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර ජිවිතක්ෂයට පත් වූ තරුණයාගේ අවසන් කටයුතු වඩුකෝට්ටෙයි – චිත්තන්කේරිනි හි ඔහුගේ නිවසේදී අද (12) දිනයේ දී සිදු කෙරෙන අතර ඔහුගේ ඥාතීන් විසින් තරුණයාගේ මෘත ශරීරය අවස කටයුතු සඳහා රැගෙන යන අතරතුර ඔහුගේ මරණය සම්බන්ධයෙන් වගකිව යුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් විරෝධත්වයේ නිරත වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේමසිරිගේ සහ පූජිත්ගේ මිතුරෙක් සමාජ මාධ්‍යයේ තැබූ සංවේදී සටහන - "දෙදෙනාට කොහේ හරි වැරදිලා"
02:22
Video thumbnail
මිරිස්ස රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - වෙ# කා දිව යන අයුරු
01:08
Video thumbnail
හේමසිරි සහ හිටපු පොලිස්පති මහ සෙනඟක් මැදින් රැගෙන ගිය හැටි - ඔබ නොදුටු දර්ශන පෙළක්
02:16
Video thumbnail
ම#ණ දඬුවම නියම වූ හේමසිරි සහ පූජිත් බන්ධනාගාරයට රැගෙන ගිය දර්ශන
01:33
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි බන්ධනාගාරය වෙත රැගෙන යයි
00:44
Video thumbnail
එදා සාක්ෂි අහද්දි පූජිත් කිව්ව දේ - මම නිලධාරින් හතර දෙනෙක් පත්කළා
06:57
Video thumbnail
අධිකරණය ඉදිරිපිට දැඩි ආරක්ෂාවක්... පවුලේ හිතවතුන් පිටතට පැමිණෙයි...
01:02
Video thumbnail
අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂාවක් යොදවලා..මෙන්න නවතම දර්ශන
01:42
Video thumbnail
ම#ණ දඬුවම ලැබුණු පූජිත්, හේමසිරි රැගෙන යන්න බන්ධනාගාර බස් රථ පැමිණෙන අයුරු
02:34
Video thumbnail
මරණ දඩුවම ලැබුණු හිටපු පොලිස්පති සහ හේමසිරි රැගෙන යාමට බන්ධනාගාර බස් රථය පැමිණි මොහොත..
01:48