මොරටුවේ සිදු කළ විශේෂ වැටලීමකදී සැකකාරියක් සමඟ තවත් 12 දෙනෙක් අත්අඩංගුවට

මොරටුව, අඟුලාන ප්‍රදේශයේ සයුරු පුර මහල් නිවාස සංකීර්ණය සහ අඟුලාන බහින තොටුපළ යන ප්‍රදේශයේ අද (12) පෙරවරුවේ නාවික හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව සිදු කරන ලද විශේෂ වැටලීමකදී සැකකරුවන් 12ක් සහ තවත් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව අඟුලාන පොලිසිය පවසනවා.

එහිදී එම ප්‍රදේශයන්හි නිවාස විශේෂ පරීක්ෂාවට ලක් කෙරුණු අතර එම පරීක්ෂාවේදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 13820
හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 180ක් සහ ෆ්‍රී කැප් මත්ද්‍රව්‍ය කරල් දෙකක් ද පොලිසියට හමුව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම පොලිසියට අවශ්‍යව සිටි වරෙන්තුකරුවන් දෙදෙනෙක් ඇතුළුව වයස අවුරුදු 20 – 30ත් අතර පුද්ගලයන් 13ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොරටු මුල්ල,අගුලාන,මොරටුව ,එගොඩඋයන, මත්තෙගොඩ ,කහතුඩුව යන පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරීන් නාවික හමුදාව සමග ඒකාබද්ධව මෙම වැටලීම සිදු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම ? එක පාරම ගැස්සිලා නැගිට්ටා නේද ?
01:11
Video thumbnail
"කෘෂිකර්ම ඇමති නැත්තම් ගොයම් බීජයක් උඩට එන්නේ නෑ යටට යන්නේ..ආනුභාවයෙන් මේවා වෙන්නේ"
08:40
Video thumbnail
මහර සිද්ධිය ගැන චානක කට අරියි - පාපිසි වැඩ කරනකොට ඕවා සාමාන්‍ය දේවල්
03:23