කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ රතිඤ්ඤා වැඩපොලක ඇති වූ ගින්නකින් එම රතිඤ්ඤා වැඩපොලේ සිටි සේවකයෙක් පිළිස්සුම් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාලකරු අවුරුදු 35 ක් වන මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.
කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මෙම ගින්න මැඩපවත්වා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1
1



