තහනම් ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට ගෙන ආ අයෙක් අත්අඩංගුවට

වියළා, වර්ණ ගන්වා සකස් කළ සත්ව හම් තොගයක්, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ, ව්‍යාපාරිකයන් සදහා වූ ” රක්ත මාවත ” ( Red Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙක් ඊයේ (11) දින දහවල් ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගුවේ ජෛව විවිධත්ව , සංස්කෘතික හා ජාතික උරුමයන් සුරැකීමේ අංශයේ නිලධාරීවරුන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුදල් පසුම්බි සකස් කිරීම කිඹුලන්, පිඹුරන්, වෙනත් උරගයින් සහ වෙනත් සත්වයින්ගේ හම් කොටස් 19 ක් වනජීවී සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත , සත්ව රෝග හා සම්බන්ධ වෙනත් අණ පනත් වල සදහන් නීති සහ රෙගුලාසි උල්ලංඝනය කරමින් මෙසේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් ඇති බවයි වාර්තා වන්නේ.

මොහු කොළඹ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

මොහු මෙම සත්ව හම් තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඒවා තම ගමන් මලු තුළ සගවා ගෙන , ඉන්දියාවේ බැංගලෝර් නුවර වෙත පැමිණ , එතැන් සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1167 දරන ගුවන් යානයෙන් ඊයේ (11) දින දහවල් 11.05 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මෙම ව්‍යාපාරිකයා රේගු නිලධාරීන් වෙත මෙම සත්ව හම් තොගය , රෙදිපිළි ලෙස පවසමින් , රේගු නිලධාරීවරුන් නොමග යැවීමට තැත් කර තිබූ අතර , රේගු නිලධාරීන් ඉතා සූක්ෂම ලෙස ඔහුගේ ගමන් මලු පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම
අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් මොහු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?