රට රැකියා ජාවාරමේ නිරත යුවළක් අත්අඩංගුවට – එක්කෝටි අසූ ලක්ෂයකට වැඩි මුදලක් වංචා කරලා

ලියාපදිංචි නොකරණ ලද විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වා ගෙනයමින් රුපියල් එක්කෝටි අසූ ලක්ෂයකට අධික මුදලක් වංචාකර සැඟව සිටි අඹුසැමි යුවළක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සීදුව ප්‍රදේශයේ කුලී නිවසක සැගව සිටිය දී සැකකාර අඹුසැමි යුවළ ඊයේ (10) දින අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකාර කාන්තාව විසින් දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 40ක මුදලක් වංචා කර ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි 12ක් ලැබී තිබී තිබෙනවා.

එම පැමිණිලිසම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදුකර ඇති විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා වසරක පමණ කාලයක් උත්සාහ කර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඇය සැඟව සිටිමින් තවදුරටත් එම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මේ අතර ඊයේ (10) ලැබුණු තොරතුරට අනුව සැකකාරිය සහ ඇයට මුදල් වංචා කිරීම සඳහා අනුබල දුන් ඇයගේ සැමියා සීදුව ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

සැකකාර අඹුසැමි යුවල රැදී සිටි නිවසේ තිබී විදේශ රැකියා ගිවිසුම් 200ක්, වෛද්‍ය පරීක්ෂණ වාර්තා ලබාගැනීම සඳහා යොමුකරන ලිපි, එක්රේ වාර්තා 300ක් සහ ප්‍රචාරණ පත්‍රිකා තොගයක් ද වැටලීම කළ නිලධාරීන් විසින් සිය භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර යුවළ විසින් රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක පමණ මුදලක් වංචා කර ඇති බව වැඩිදුර විමර්ශණ වලදී අනාවරණය වී තිබෙනවා.

සැකකාර අඹු සැමි යුවළ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14