කුලියට වාහනයක් ගෙන රජයට පාඩු කළ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්

ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ සභාපතිවරයාට කුලි පදනම මත වාහනයක් ලබාගෙන රජයට පාඩු කළේ යැයි අත්අඩංගුවට ගත් එම මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ඇතුළු සැකකරුවන් දෙදෙනා ලබන 20 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද( 10) නියෝග කළා.

අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ශන වර්නන් මැදවත්ත හා කුලි රථ සැපයූ ජයවර්ධන ලියනආරච්චිලාගේ නලින් චන්දන ලියනගේ සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

අල්ලස් කොමිසම වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ කුලියට ලබාගත් රථයක් පාවිච්චි කළ බවට මෙතෙක් විමර්ශනවලින් කරුණු අනාවරණය වී නොමැති බැවින්,අදාළ වාහනයට ප්‍රමාද නොවී කුලී මුදල් ගෙවන ලෙසට වට්ස් ඇප් පණිවිඩිඩ මගින් දැනුම් දුන් “නිශාන්ත රණතුංග” එවකට සභාපතිවරයා අවශ්‍ය වුවහොත් සැකකරුවෙකු කර අත්අඩංගුවට ගන්නා බවයි.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිෂම කරුණු දක්වමින් මෙසේ පැවසූවා.

“ජල සම්පාදන මණ්ඩලයේ ව්‍යවස්ථාවට අනුව සභාපතිවරයාට භාවිතාකළ හැත්තේ එක් නිල රාජකාරී රථයක් පමණයි.නමුත් අදාළ වාහනය කුලියට ගන්නා විට සභාපතිවරයා වාහන දෙකක් භාවිතා කර තිබෙනවා.
සභාපතිවරයාගේ පරිහරණයට ටොයෝටා ප්‍රාඩෝ (Toyota Prado) වර්ගයේ SUV ජිප් රථයක් කුලී පදනම මත ලබාගෙන  රජයට 12,750,000.00 පාඩු කිරීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා.
පළමු සැකකරුගේ යටතේ සේවය කරන පුද්ගලයින්ගෙන් සාක්ෂි සටහන් කිරීමට ඇති බැවින් සැකකරුවන් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටියා.

සැකකරුවෙනුවෙන් නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුව වාහනය කුලී පදනම මත ලබාගෙන ඇති බවය.කොවිඩ් සමයේදී මෙම වාහනය ලබා ගත් බවත්,මුල පටන් කිසිදු විමර්ශනයකට බාධාවක් කර නොමැති සැකකරුවන්ට ඇප පනතේ 14 වගන්තිය යටතේ ඇප ලබා දෙන ලෙසද ඉල්ලා සිටියා.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඇප දීමට තරම් ප්‍රබල කරුණක් සැකකාර පාර්ශවයෙන් ඉදිරිපත් වී නොමැති බවත්,විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් ලබන 20 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. විමර්ශන ප්‍රගතියේ එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිෂමට නියෝග කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13