ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය හෙටි (11) උදෑසන 6.00ට අවසන් වනවා.
ඒ, අනුව ධාතූන්වහන්සේ වැඳපුදාගැනීමට සැදැහැවතුන් පෝලීම් සඳහා එක්වීම අද (10) රාත්‍රි 10.00න් පසුව අවසන් කෙරෙනවා.
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් මෙරටට වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කරගැනීමේ අවස්ථාව මෙරට සැහැදැවතුන්ට පෙබරවාරි 05 වනදා සිට උදාවුණා.
ඒ, අනුව අද (10) 6වැනි දිනටත් ධාතූන් වහන්සේ වහන්සේ වන්දනාමාන කරගැනීමට හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන වෙත සැදැහැවතුන් පැමිණෙමින් සිටිනවා.
මේ අතර ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය මහඇමති චවුනා මේන් ඇතුළු ඉන්දීය දූත පිරිසක් ඊයේ (09) දහවල් දිවයිනට පැමිණියා.



