ඉතාලිය පැරදූ ස්කොට්ලන්තය ලෝක කුසලාන ගමන ජයග්‍රාහීව අරඹයි

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ C කාණ්ඩය යටතේ ස්කොට්ලන්තය සහ ඉතාලිය අතර තරගය අද (09) කොල්කටා හි ඊඩ්න් ගාර්ඩන් ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා.

මෙම තරගයෙන් ඉතාලිය පරදා ලකුණු 73කින් ජයගන්නට ස්කොට්ලන්තයට හැකියාව ලැබුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 207ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

මෙහිදී ආරම්භ පිතිකරු ජෝර්ජ් මන්සි පන්දු 54ක් තුළ ලකුණු 84ක් රැස්කරමින් ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා.

අනතුරුව ලකුණු 205ක ඉලක්කයක් හඹා ගිය ඉතාලි කණ්ඩායම පන්දුවාර 12ක් අවසන්වන විට කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 112ක් රැස්කරගෙන ස්ථාවර මට්ටමක පැවතියා.

කෙසේ වෙතත් ඉතාලි ඉනිමේ අනෙකුත් කඩුලු 05 ඉනිමේ පන්දුවාර 16යි පන්දු 05 වන විට බිඳ දමන්නට ස්කොට්ලන්ත පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

ඒ වන විට ඉතාලි කණ්ඩායමට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 134ක් පමණයි.

ස්කොට්ලන්ත ඉනිමේ පන්දු රකිමින් සිටිය දී ආබාධයකට ලක්වූ ඉතාලි කණ්ඩායමේ නායක වේන් මැඩ්සන්ට පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට අවස්ථාව හිමි වූයේ නැහැ.

ඒ, අනුව මෙම තරගය ලකුණු 73කින් ජයගත් ස්කොට්ලන්තය 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ගමන ජයග්‍රාහීව ආරම්භ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38