තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරලා

හපුතලේ පොලිස් වසමේ පිටපොල ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (09) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි.

තියුණු ආයුධ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා බොරලන්ද රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා වයස අවුරුදු 65ක පිටපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම පුද්ගලයාට අයත් වගා භූමියක් තුළදී මෙම ඝාතනය සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඝාතනයට හේතුව හා සැකකරුවන් කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර, හපුතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25