ක්ලීන් ශ්‍රී ලංකා ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහනෙන් බස්නාහිර පළාතට ජංගම පුස්තකාල 10ක්

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ තෝරාගත් පළාත් පාලන ආයතන 10ක් සඳහා ජංගම පුස්තකාල රථ බෙදාදීමේ සමාරම්භක උත්සවය අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ කැස්බෑව සහ සීතාවකපුර නගර සභා සහ හෝමාගම, දොම්පේ, අත්තනගල්ල, මිනුවන්ගොඩ, වත්තල, බුලත්සිංහල, වලල්ලාවිට සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය සභා සඳහා නවීන පහසුකම් සහිත ජංගම පුස්තකාල රථ 10ක් සහ පොත් 9,300ක ප්‍රමාණයක් බෙදාදීම සිදු වුණා.

ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ මුදල් ප්‍රතිපාදන යටතේ බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන දෙපාර්තමේන්තුව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණා.

ගම් මට්ටමින් කියවීමේ රුචිය වර්ධනය කරමින් දැනුමෙන් සන්නද්ධ ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ අරමුණින් ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා.

2025 වර්ෂය පුරා ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන යටතේ සිදුකරන ලද සුවිශේෂී කාර්යභාරය මෙහි දී ඇගයීමට ලක් වුණා.

මෙහිදී විශේෂ දේශනයක් සිදුකළ ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස් ඉඹුල සඳහන් කළේ නව සමාජයක් ගොඩනැඟීමේදී නිවැරදි සමාජ කියවීමක් අවශ්‍ය බවත්, ජනතාවගේ කියවීමේ රැචිය ඇති කිරීම සඳහා පොත් අරගෙන ගමින් ගමට යාම සුන්දර අත්දැකීමක් බවයි.

සාහිත්‍ය සම්පත්වල සහ සාහිත්‍ය ප්‍රකාශනවල අඩුවක් නොමැති අපේ රටේ නිවැරදි සහ විධිමත් ක්‍රමවේදයක් යටතේ ඒවා පාඨක ප්‍රජාව වෙත ගෙන යාමට ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භ කර ඇති මෙම වැඩසටහන සරල ක්‍රියාවලියක් නොව ඉතා වටිනා සංස්කෘතික ක්‍රියාවලියක් බව පෙන්වා දුන් ඔහු එමගින් පොත් කියවීමේ සංස්කෘතියක් යළි මේ රට තුළ නිර්මාණය වනු ඇති බව පෙන්වා දුන්නා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් ද උත්සව සභාව ඇමතූ අතර 83 කළු ජූලියේ දී අසල්වැසි නිවෙස් ගිනි ගනිද්දි තමා එළියට යන විට රැගෙන ගියේ පොත් දෙකක් සහ කමිස 03ක් පමණක් බවත්, පොත් කියවීමෙන් ලබාගත් පන්නරයෙන් තම ජීවිතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණු බවත් සඳහන් කළා.

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන පරිසරය මෙන්ම මනසද පිරිසිදු කරන වැඩසටහනක් බව පෙන්වා දුන් හනීෆ් යූසුෆ් අනාගත පරපුර වෙනුවෙන් ආරම්භ කළ මෙම වැඩසටහන අතිශයින් අගයන බව ප්‍රකාශ කළා.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සඳහන් කළේ කලබලකාරී වත්මන් සමාජය තුළ ගුණගරුක මෙන්ම ශික්ෂණයෙන් යුත් මතු පරපුක් ගොඩනැඟීමේ වැඩපිළිවෙළෙහිදී මෙවන් වැඩසටහන් අතිශයන් වැදගත් බවයි.

දියුණු සහ ගුණගරුක සමාජයක් ගොඩනැඟීමේදී සමාජයේ සියුම් තැන් ස්පර්ශ කරමින් කුඩා වුවද විශාල බලපෑමක් සිදුකළ හැකි ව්‍යාපෘති වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ තුළ අවධානය යොමු කර තිබෙන බවවද පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව ඉදිරියට ගෙන යමින් එය ජාතික මට්ටමේ ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීමට සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව සඳහන් කළේ.

මෙම ජංගම පුස්තකාල සේවාව මඟින් පාසල් දරුවන්ට සහ පොත්පත් කියවීමට ලැදි ග්‍රාමීය ජනතාවට වඩාත් කාර්යක්ෂම හා නවීන පුස්තකාල අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව උදා වේ. ‘අරුණු දොර’ ජාතික කියවීම් ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ ඉදිරියේ දී දිවයින පුරා මෙවැනි ව්‍යාපෘති තවදුරටත් ව්‍යාප්ත කිරීමට නියමිත බව මෙහිදී අවධාරණය කෙරුණා.

ක්ලීන් ශ්‍රී ලංකා කැඳවුම්කරු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මුදල් හා ආර්ථික කටයුතු) ජී.එම්.ආර්.ඩී. අපොන්සු ද මෙහිදී අදහස් දක්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධීවරයන් ඉදිරියේ සජිත්ගෙන් සැර කතාවක්..ඡන්ද ඇතත් එකයි නැතත් එකයි අපි ගාව ඔය බොරු නෑ..
08:16
Video thumbnail
කෝච්චි පාරේ අනූනවයෙන් බේරුන ජීවිතය
00:47
Video thumbnail
ත්‍රීවිල් කැබින් එක කඩා රු:75000ක මුදලකට ෂොට් එක දුන්න සොරදෙටුවා
00:39
Video thumbnail
ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් සංවේදී වී කිව්ව කතාව..83කාලේ මම එළියට යද්දි මගේ අතේ තිබ්බේ පොත් දෙකයි
03:41
Video thumbnail
මේ මිනිස්සුන්ට අපිව හ#ක් වගේ පේනවද? ජනතාව වෙනුවෙන් කඩේ යන්නේ නෑ තාම මේ ආණ්ඩුව
06:20
Video thumbnail
තණ තීරුවේ ලොකු ප්‍රශ්න තිබුණා..මගේ පහ#දීමේ හැකියාව පෙන්නන්න අවස්ථාව හම්බවෙන්නේ නෑ..
03:53
Video thumbnail
කෝ අනුර කුමාරගේ තාක්ෂණය..? "අපේ ආණ්ඩුවක් ආව දවසක මේක නීතිගත කරනවා..සජිත්ටත් මේක කියනවා"
05:13
Video thumbnail
දැන් වන්දි නැතුව රස්සාවෙන් දොට්ට දාන්නත් පුළුවන්..බැසිල් කරන්න හදපු වැඩේ අනුර එයාගේ පෑනෙන් කළා..?
03:56
Video thumbnail
දැන් මුළු පවුලම කට උත්තර දෙනවනේ..වටගලෙන් නාමල්ට සත්තමක්
03:34
Video thumbnail
දැන් තියෙන්නේ මෝ# විපක්ෂයක්..රනිල්ගේ වැඩපිළිවෙලේ අවදානම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ
01:31


?