හාර කෝටියකට වැඩි කුෂ් සමඟ කටුනායකින් පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් හාර කෝටි හැටහතර ලක්ෂ විසි දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්, මෙරටට රැගෙන විත් ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියක් අද (06) උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ – 13 ප්‍රදේශයේ පදිංචි, නිතර නිතර ගුවන් ගමන්වල යෙදෙමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වන 28 හැවිරිදි අයෙක් බවයි වාර්තා වන්නේ.

මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන අබුඩාබි නුවර වෙත පැමිණ, එතැන් සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරණ ගුවන් යානයෙන් අද (06) උදෑසන 08.20ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලේ මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 04යි ග්‍රෑම් 642ක ප්‍රමාණය, පැකැට් 04ක් ලෙස සකස් කර  සඟවා ගෙන රැගෙන ඇවිත් තිබුණා.

අත්අඩංගුවට ගැනුණු ගුවන් මගියා අද (06) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද බිමල්ට මේ මිනිස්සුන්ගෙ දුක විහිළුවක් වෙලා..ආනන්ද පාලිතගෙන් සැර සත්තමක්
04:10
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
හදිසි නීතිය නිසා දයාසිරි කුපිත වී පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මේ රටේ සංස්කෘතික විනාශයක් වෙන්නේ
08:09
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58


?