20-20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක් – ආරක්ෂාවට පොලිසියෙන් 1500ක්

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය සඳහන් කරනවා.

ඒ, අනුව තරගාවලිය පැවැත්වෙන හෙට (07) දිනයේ සිට මාර්තු මස 08 වනදා දක්වා කාලය තුළ කොළඹ නගරයේ තරග පැවැත්වෙන දිනයන් තුළ මෙම රථවාහ සැලැස්ම ක්‍රියාත්මකයි.

කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් මාළිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය සහ කුරුඳුවත්ත SSC ක්‍රීඩාංගනයන්හි ලෝක කුසලාන තරග පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ඒ අනුව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත තරඟ වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන රථවාහන සැලැස්ම පහත පරිදි වනවා.

මෙහිදී පහත මාර්ගයන්හි අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කරනු ලබනවා.

  • වින්සන් පෙරේරා මාවත (ග්‍රෑන්ඩ්පාස් පාර), බ්‍රිටෝ බබාපුල්ලේ පාලම පෙදෙස හන්දියෙන් බබාපුල්ලේ දෙසට ඇතුල්වීම.
    බබාපුල්ලේ පාලම අසලින් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම.
  • සෙබස්තියන් ඇල පාර මැල්වත්ත පාලම අසලින් ක්‍රීඩංගනය දෙසට ඇතුළු වීම.
  • අඩි 100 පාර, පන්සල පාර හන්දියෙන් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම.
  • මාළිගාවත්ත පටුමග, ක්‍රීඩාංගනය අසලින් අතුරු මාර්ගයෙන් ක්‍රීඩාංගනය දෙසට ඇතුළු වීම.
  • සද්ධර්ම මාවත පන්සල් පාර (ඛෙත්තාරාම පාර) හන්දියෙන් පන්සල පාරට ඇතුළු වීම.

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනය මුල් කරගෙන 2026.02.08, 15 හා 19 යන දිනයන්හි පිළිවලින් ශ්‍රී ලංකාව හා අර්යලන්ත තරඟය, ඉන්දියාව හා පකිස්ථානය අතර තරඟය හා ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරඟය පැවැත්වෙන අතර එම දිනයන්හි මෙම විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන අතර විශේෂ ප්‍රවාහන සේවයක් ද ක්‍රියාත්මක කිරීමට නියමිත බව පොලිසිය දැනුම් දෙනවා.

ඒ අනුව මෙම තරඟ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින් පැමිණෙන රථවාහන ගාල් කිරීමට ක්‍රීඩාංගන භුමියේ රථගාල, ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මැටිපාක් රථගාල, සූදානම් කර ඇති අතර විශේෂ ප්‍රවාහන සේවය පැරණි MOD රථගාල හා පෝට් සිටි (Port city) රථගාල සිට ක්‍රියාත්මක වනවා.

තවද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තරඟ පැවැත්වෙන 2026.02.11, 13, 21, 25 හා 27 යන අනෙකුත් දිනයන්හි සාමාන්‍ය පරිදි ක්‍රීඩාංගනය වටා ඇති රථගාල්වල රථ ගාල් කිරීම සඳහා කටයුතු සැලැසුම් කර තිබෙනවා.

මේ සඳහා ග්‍රෑන්ඩ්පාස් මැටිපාක් රථගාල, සතොස රථගාල, සෙබස්තියන් ඇල රථගාල, කෝවිල පාර, ඇපල් වත්ත, අඩි 100 පාර දෙපස රථගාල් කිරීමට පහසුකම් සපයා ඇති බවයි දැනුම් දෙන්නේ.

T-20 තරඟ පැවැත්වන SSC ක්‍රීඩාංගනය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන රථවාහන සැලැස්ම පහත පරිදි වනවා.

මෙම ක්‍රීඩාංගනය මූලික කරගෙන තරඟ පැවැත්වෙන 2026.02.07, 09, 10, 14 18 යන දිනයන්හි අවස්ථානුකූලව පහත මාර්ගයන්හි රථ වාහන ගමනාගමනය සීමා කරනු ලබනවා.

a. රාජ්‍ය පරිපාලන හන්දියෙන් මෙට්ලන්ඩ් පෙදෙසට ඇතුළු වීම.
b. මෙට්ලන්ඩ් පෙදෙස විද්‍යා මාවත හන්දියෙන් මෙට්ලන්ඩ් පෙදෙසට ඇතුළු වීම.
C. විද්‍යා මාවත විජේරාම හන්දියෙන් විද්‍යා මාවතට ඇතුළු වීම.
මෙම SSC ක්‍රීඩාංගනය මුල් කරගෙන පැවැත්වෙන තරඟ සඳහා පහත රථගාල් වෙන්කර ඇත.
i. SSC ක්‍රීඩාංගන රථගාල
ii. SSC ක්‍රීඩා සමාජ රථගාල
කොළඹ මහනගර සභාවට අයත් නිදහස් මාවත රථගාල, පදනම් ආයතන මාවත රථගාල, CR&FC රථගාල
iv. ක්‍රීඩා අමාත්‍යංශයට අයත් පරණ මැක්ඩොනල්ඩ් රථගාල
V. රූපවාහිනී රථගාල
vi. BMICH 60

මේ අතර ලෝක කුසලාන තරඟාවලියේ තරඟ නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500 ක ප්‍රමාණයක් සහ රථවාහන නිලධාරීන් 600ක ප්‍රමාණයක් යොදවා තිබෙනවා.

එමෙන්ම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුනු බුද්ධි නිලධාරීන් හා පොලිස් නිලධාරීන් යොදවා ප්‍රේක්ෂක ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති.

මේ අතර ප්‍රේක්ෂකයින් ක්‍රීඩා භූමිය තුළට විශාල ප්‍රමාණයේ ගමන්මළු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය හා මත්පැන් රැගෙන ඒම තහනම් බවයි පොලිසිය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?