ආදුරුප්පුවීදිය පොලිස් වසමේ කදිරේෂන් වීදිය ප්‍රදේශයේ ඊයේ (04) දින දහවල් සිදු වූ තියුණු ආයුධයකින් පහරදීමක් නිසා තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 48 ක් වූ ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා සහ තවත් අයෙක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
මේ වන විට මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු අත්අඩංගුවට ගැනීමට ආදුරුප්පුවීදිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1



