ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීමට අද සිට මහජනතාවට අවස්ථාව

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ මැදිහත්වීම යටතේ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරීම සඳහා අද (05) සිට ශ්‍රී ලාංකීය ජනතාවට අවස්ථාව උදාවනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ උපන් ගම් ප්‍රදේශය වන ගුජරාට් ප්‍රදේශයේ ඓතිහාසික දෙව්නිමෝරි භූමියේදී සිදු කරන ලද කැණීම් වලින් සොයා ගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ මෙම ශාරීරික ධාතුන් වහන්සේ මෙතෙක් ඉන්දියාවෙන් පිටතට වැඩම කර නොමැති අතර, පසුගියදා සිදු වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම ශාරීරික ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව මෙරට ජනතාවට උදාකර දී තිබෙනවා.

ඊයේ (04) පස්වරු 01.00ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට වැඩම කරනු ලබන ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදුවුණා.

එහිදී ජනාධිපති නුර කුමාර දිසානායක විසින් විසින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වෙත ප්‍රථමව පුෂ්පෝපහාරය සිදු කරනු ලැබුවා.

ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව අද (05) සිට පෙබරවාරි 11 වනදා දක්වා දින හතක කාලයක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය වර්ජකයින්ට මහින්දගෙන් සැර කතාවක් - කිසිදු දැනුම්දීමක් කරලා නෑ..කිසිසේත්ම අනුමත කරන්නේ නෑ
04:54
Video thumbnail
කඩාකප්පල්කාරී වැඩ අපි ළඟ නෑ - වෘත්තීය සමිති ඉතිහාසයේ සාකච්ඡා නොදුන් එකම රජය
06:34
Video thumbnail
නාමල් රාජපක්ෂ බැලීමට සීලරතන හිමි වැලිකඩට - "නාමල් ඉලන්දාරියා යස අගේට ඉන්නවා"
04:17
Video thumbnail
ලංකාවේ සෑම ස්ථානයකටම ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තතු මෙන්න
02:55
Video thumbnail
දුම්රිය රියදුරු හිඟය මත කිසිදු දුම්රියක් අවලංගු වුණේ නෑ - මෑත කාලයේ කරපු අසාර්ථකම වර්ජනය මේක
06:45
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ලාල්කාන්ත කට අරියි - වැඩවර්ජන කරන්න ඇති තරම් ඉඩ තියෙනවා..
03:01
Video thumbnail
දැන් වාහන මිල සෑහෙන්න අඩුවෙලා - වාහන ගන්නවානම් හොඳ අවස්ථාවක් මේ
02:36
Video thumbnail
කෝච්චි එන්ජිමේ එල්ලිලා ආපු අය කිව්ව දේ - පාලකයෝ හරියට ඉන්න ඕන හදන්නනම් - ටිකට් කඩන් නෑ හොදයි
01:28
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතා අදහස් - ගොඩක් අඩුයි කෝච්චි - සියලු දේම අඩාලයි..බුදුන් අපිව බැලුවද දන්නේ නෑ..
04:25
Video thumbnail
පාවිච්චි කළ වාහන ගෙන්වන එකද ලාභ Brand New වාහන ගේන එකද ?
05:46