ඇමතිවරුන්, ආගමික නායකත්වය පරිභවයට ලක්කරමින් කරන ප්‍රකාශ හෙළා දැකිය යුතුයි – කාදිනල් හිමිපාණන්

නිදහස ලබා වසර 78ක් ගත වුවද එම වසර 78 තුළ අධ්‍යාත්මික, සමාජීය සහ ආර්ථික ප්‍රගතිය කරා ළඟා වීමට කෙතර, උත්සහ කළද සැබෑ නිදහස පිළිබද සිහිනය සැබෑ කර ගැනීමට තවමත් අසමත්ව සිටින බව අති උතුම් මැල්කන් කාදිනල් රංජිත් පියතුමන් පවසනවා.

මැල්කන් කාදිනල් රංජිත් පියතුමන් මේ පිළිබද කියා සිටියේ එතුමන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්තානයයේ අද (04) උදෑසන පැවති නිදහස් දින උදෑසන දේව මෙහෙයට එක්වෙමින්.

රටේ පුරවැසියන්ගේ ආගමික පැවැත්ම බොඳ කර දැමීම හෝ ඒ උරුමයට ප්‍රතිවිරුද්ධ දේ කිරීම සහ ධාර්මික බව දුර්වල කරන අයුරින් කටයුතු කිරීම අප රටට කිසි සේත්ම නොගැළපෙන දෙයක් බව මෙහිදී කාදිනල් හිමිපාණන් සඳහන් කළා.

”නොබෝදා සිට රට පාලනය කරන අය බෞද්ධ භික්ෂූන් වහන්සේලා හා අනෙකුත් ආගමික නායකයින් ගැන දක්වන ප්‍රතිචාරය සහ රටේ පොදු ප්‍රශ්නවලදී ඔවුන්ට යමක් කීමට හෝ කිරීමට අයිතියක් නැති අය ලෙසින් සැලකීමේ අයිතිය තියුණු වෙමින් තිබෙන බව පෙනේ, එලෙසම රජයේ ඇමතිවරුන් පවා ආගමික නායකත්වය පරිභවයට ලක්කරමින් කරන ප්‍රකාශ අප විසින් මෙහිදී හෙළා දැකිය යුතු වේ.” යැයි කාදිනල් හිමිපාණන් වැඩිදුරටත් පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
22
+1
3
+1
4
+1
2
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04