මහල් නිවාසයක දී ඇල්ටෝ ධර්මෙගේ ගෝලයෙක් කඩු දෙකක් සමඟ මාට්ටු

අගුලාන සයුරු පුර මහල් නිවාස සංකීර්ණයේ දී අද (03) දින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සහ නාවික හමුදාව, පොලිසිය ඒකාබද්ධව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

මීට දින කිහිපයකට ඉහතදී මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලේ තිබී ඝාතනය කර තිබූ කාන්තාවකගේ නිසල සිරුරක්ද හමුවුණා.

අද (03) අලුයම 05.00 ට පමණ ආරම්භ කළ මෙම මෙහෙයුම පැය හතරක පමණ කාලයක් ක්‍රියාත්මක වූ බවයි වාර්තා වුණේ.

ඒ අනුව මෙම මෙහෙයුමේදී, විදේශගතව සිටින ධර්මසිරි පෙරේරා නොහොත් ඇල්ටෝ ධර්මේ යන සංවිධානත්මක අපරාධකරුගේ ගෝලයෙක් ලෙස සැලකෙන පුද්ගලයෙක් සන්තකයේ තිබී කඩු දෙකක් ද සොයා ගැනීමට හැකිව තිබෙනවා.

එමෙන්ම සමස්ථ මෙහෙයුම හරහා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකරුවන් සහ අවශ්‍යව සිටි වරෙන්තුකරුවන් ඇතුළු
පුද්ගලයන් 20 දෙනෙක් අත්අඩංගුවට ගත් බව අගුලාන පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31