ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේදී WhatsApp සඳහා දෝෂාරෝපණයක්

WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක හිමිකාරීත්වය දරන Meta ආයතනය හට ඉන්දීය අධිකරණයේ දී දෝෂාරෝපණයක් එල්ල වී තිබෙනවා.

ඉන්දීය අගවිනිසුරුවරයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ දී WhatsApp සමාජ ජාලයේ හී රහස්‍යතා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වන පෙත්සමක් අද (03) විභාගයට ගැනුණා.

එහිදී රජය වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල්වරයා විසින් වාණිජමය අරමුණු වෙනුවෙන් WhatsApp විසින් පරිශීලකයන්ගේ දත්ත හුවමාරු කිරීම සම්බන්ධයෙන් විවේචනයට කළා.

පසුව අගවිනිසුරුවරයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ, WhatsApp සමාජ මාධ්‍ය ජාලයට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කළ නොහැකි නම්, ඉන්දියාවෙන් ඉවත්ව යන ලෙසයි.

ඉන්දීය පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයට හානි කිරීමට ඉඩ නොදෙන බවත් අගවිනිසුරුවරයා දැඩිව සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39