පනත් කෙටුම්පත් දෙකකට මහජන අදහස් දැක්වීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කෙරේ

විධිමත් කාර්යය පටිපාටිය අනුගමනය කරමින්, විශේෂඥ කමිටුවක් විසින් සකස් කරනු ලැබූ 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත ඉවත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත 2025 වසරේ සැප්තැම්බර් මස වෙනි 18 වන දින ගැසට්‌ පත්‍රයේ පළ කරනු ලැබුවා.

ඉන් පසු එම පනත් කෙටුම්පත් දෙක පසුගිය නොවැම්බර් 04 දින සිටපසුගිය ජනවාරි 15 වන දින දක්වා කාලය තුළ මහජන අදහස්, නිර්දේශ, යෝජනා සඳහා අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ හා පුවත්පත්වල කළා.

මීට අමතරව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙත ද පසුගිය ඔක්තෝම්බර් 27 වැනිදා දිනැති ලිපිය මඟින්2025.10.27 දිනැති ලිපිය මඟින් අදහස්, නිර්දේශ සහ යෝජනා ඇත්නම් දන්වා එවන ලෙස වෙනම ලිඛිත ලිපියක් මඟින් දන්වා යවනු ලැබුවා.

මහජන අදහස් විමසීම සඳහා වෙන් කර තිබු කාලය තුළදී මෙම පනත පිළිබඳව ලිඛිත අදහස් දැක්වීම් 02ක් පමණක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හැර 2026.01.29 දිනැතිව එවන ලද ලිපියක් මඟින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධව කරුණු දැක්වීම සඳහා අවශ්‍ය බවට අමාත්‍යාංශය දැනුවත් කර තිබුණා.

තවද සංවිධාන ගණනාවක්ද මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට කාලය තවදුරටත් අවශ්‍ය බව දන්වා ඇති බවයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ඒ අනුව එම ඉල්ලීම් සියල්ල සලකා බැලීමෙන් අනතුරුව, මෙම පනත් කෙටුම්පත් පිළිබඳව තවදුරටත් මහජන අදහස් වීම සීම සඳහා කාලය අද (03) දින සිට මාසයක කාලයක් සඳහා දීර්ඝ කිරීමට තීරණය තිබෙනවා.

එම අදහස් ලිඛිතව ලැබීමෙන් පසු එකී නිර්දේශ, අදහස් සහ යෝජනා සලකා බැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මඟින් කටයුතු කරනු ලබන හෙයින් අදහස් දැක්වීමට අපේක්ෂිත පාර්ශව සිය අදහස් ලිඛිතව අමාත්‍යාංශය වෙත කඩිනමින් යොමු කරන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34