අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින්න – බලශක්ති ඇමති විපක්ෂයෙන් ඉල්ලයි

වගකීමක් රහිත අසත්‍ය තොරතුරු සමාජ ගත කිරීමෙන් වළකින ලෙස බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි විපක්ෂයෙන් ඉල්ලා සිටිනවා.

පාර්ලිමේන්තුවේ දී අද (03) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ගල් අඟුරු සැපයීම් හෝ ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මතුවිය හැකි ගැටළු විසදීම සම්බන්ධව අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයට අනුකූල ක්‍රමවේදයක් ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ අඩංගු බවත් ක්‍රියාත්මක වී ඇත්තේ ඒ අනුව බැවින් සාවද්‍ය ප්‍රකාශ නොකරන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ.

වැඩිදුරටත් කරුණු දැක්වූ අමාත්‍යවරයා, පැවසුවේ කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව හිටපු රෙජීමයේ ඥාති සම්බන්ධතා තිබු සමාගමක් එම සම්බන්ධතා භාවිත කරමින් ගල් අඟුරු සැපයීම සිදුකරමින් සිටි බවයි.

මෙවර ඔවුන්ද ටෙන්ඩරයට සහභාගී වුනත් ටෙන්ඩරය ලබාගත නොහැකි වූ බවද ඇතැමුන් කතා කරන්නේ ඔවුන් වෙනුවෙන් බවද ප්‍රකාශ කළා.

එමෙන්ම හදිසි අවශ්‍යතාවක් මතුවුනොත් ගල් අඟුරු මිලදී ගැනීමක් සඳහා අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය මගින් ලබාදී ඇති අතර, එලෙස මිලදී ගැනීමක් කළත් ඉන් අලාභයක් සිදුනොවන බවද දැනට නැව් තොග 06ක් වරායට පැමිණ ඇති අතර පළමු සහ තෙවැනි තොගවල යම් වෙනස්කමක් ඇතත් ඉතිරිය අවශ්‍ය මට්ටමට ඇති බව ද ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10