රජයක් ලෙස අප පළමුව යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් කැප වී සිටිනවා – ජනපති

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර ප්‍රමිතීන් පිළිබඳව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම (3rd Mutual Evaluation) පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

රජයක් ලෙස බාහිර පාර්ශවන්ට අපේ පිරිසිදු බව පෙන්වීමට පෙර, අප වෙනුවෙන්ම වග වී යහපත් ආණ්ඩුකරණයක් සඳහා කැප විය යුතු බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ආයතනික මට්ටමින් පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කරමු’යි සියලු දෙනාට ආරාධනා කළා.

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා වන ගෝලීය ප්‍රතිපත්ති සම්පාදනය කරනු ලබන්නේ මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) විසින්.

එමෙන්ම සමූල ඝාතන අවි නිෂ්පාදනයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා ද මෙම කාර්යසාධක බලකාය විසින් ප්‍රතිපත්ති සම්පාදනය කෙරෙනවා.

එහිදී සියලු රටවල් අනුගමනය කළ යුතු නිර්දේශ 40ක් මේ වන විට මූල්‍ය කාර්යසාධක බලකායෙන් නිකුත් කර තිබෙනවා.

මෙමගින් මූල්‍ය විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම සඳහා ඒ ඒ රටවල පිහිටුවා ඇති පද්ධති, ඒවා කාර්යක්ෂමව ක්‍රියාත්මක වී ඇති ආකාරය, නීතිමය රාමුව, සම්පත් යෙදවීම, ඵලදායීතාව සහ පාර්ශ්වකරුවන්ගේ හැකියාව ඇතුළු නිර්ණායක පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයක් සිදු කරයි. මෙම ක්‍රියාවලිය අන්‍යෝන්‍ය ඇගයීම ලෙස හැදින්වෙනවා.

මෙය ජාතික මට්ටමේ විගණන ක්‍රියාවලියක් වන අතර, අදාළ කලාපීය අධීක්ෂණ ආයනය විසින් එම කටයුතු සම්බන්ධීකරණය සිදු කෙරෙනවා.

ඒ, අනුව ශ්‍රී ලංකාවේ එම ඇගයීම පිළිබඳ අධීක්ෂණ කටයුතු සිදු කරන්නේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා ශාන්තිකර කලාපීය කණ්ඩායම විසින්.

මේ සඳහා උපදේශකත්වය එහි හිටපු විධායක ලේකම්වරයෙකු වන ආචාර්ය Gordon Hook විසින් සැපයනු ලබනවා.

දේශීයව මෙම ක්‍රියාවලිය සඳහා පාර්ශ්වකාර රාජ්‍ය ආයතන 25ක් පමණ සම්බන්ධ වන අතර, එහි සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදු කරනු ලබනවා.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬ පැවැත්වීම සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී කමිටුව විසින් අදාළ ඇගයීම් ක්‍රියාවලියේදී මෙම පාර්ශ්වකරුවන් ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාකාරී සැලසුම්වල ප්‍රගතිය අධීක්ෂණය කෙරෙනවා.

ශ්‍රී ලංකාව මින් පෙර 2006 සහ 2014-2015 වසරවලදී මෙම ඇගැයීමට ලක්ව, ඉන් අසාර්ථක වී 2017 වසරේදී ජාත්‍යන්තරව අසාදු ලේඛනගත (Greylisted) වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වුණා.

ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය තහවුරු කිරීමට ශක්තිමත් දේශපාලන නායකත්වයක් වත්මන් රජය ලබාදෙන බැවින්, ජාතික ප්‍රමුඛතාවක් ලෙස සලකා මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට කැපවීමේ අවශ්‍යතාවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් වුණා.

පවතින නීතිමය බාධා සහ පනත් සම්මත කිරීමේ ප්‍රමාදයන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගෙන් කරුණු විමසූ අතර, එම කටයුතු ප්‍රමාද නොකර, අවශ්‍ය තාක්ෂණික සංශෝධන කඩිනම් කරන ලෙස උපදෙස් දුන්නා.

රාජ්‍ය ආයතන රැසක පවතින මානව සම්පත් හිඟය ඇගයීම් ක්‍රියාවලියට බාධාවක් වී ඇති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර, පවතින නිලධාරී හිඟය පියවීමට කඩිනම් පියවර ගන්නා ලෙසත්, පරිපාලන ප්‍රමාදයන් මඟහැරීම සඳහා, අදාළ ආයතනවල සේවය කර විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරීන් වසරක කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට පවතින හැකියාව සොයා බලන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබුවා.

එක් නිලධාරියෙකු තනතුරු කිහිපයක වැඩ බැලීම නිසා ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය නිවැරදි කිරීමටත්, උසස්වීම් සහ බඳවාගැනීම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමඟ සාකච්ඡා කර කඩිනම් කිරීමටත් උපදෙස් දුන් ජනාධිපතිවරයා, ඇගයීම් ක්‍රියාවලිය සඳහා පුහුණු කළ නිලධාරීන් නිරන්තරයෙන් මාරු කිරීම නිසා සිදුවන පසුබෑම වළක්වා ගැනීමට, ලබන නොවැම්බර් මාසයේදී ඇගයීම් අවසන් වන තෙක් අදාළ නිලධාරීන් එම තනතුරුවලම රඳවා තබා ගන්නා ලෙසට චක්‍රලේඛයක් නිකුත් කිරීමටද උපදෙස් දුන්නා.

මෙම ඇගයීම් ක්‍රියාවලියේ ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ කාර්ය සාධක බලකායේ (Task Force) වාර්තාව ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21