සංවර්ධන නිලධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කළ විරෝධතාවය අද (02) අඛණ්ඩව අටවන දිනටත් ක්‍රියාත්මකයි.
මේ අතර විරෝධතාවයේ නිරත පාසල් සංවර්ධන නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් හෙට (03) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සාකච්ඡාව හෙට (03) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ගුරු සේවයට බඳවා ගැනීමේ විභාගයට පෙනී නොසිට තමන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන ලෙස ඉල්ලා සංවර්ධන නිලධාරීන් මෙම විරෝධතාව පසුගිය 26 වනදා ආරම්භ කළා.
එලෙස ආරම්භ කළ විරෝධතාවය, සාමාජිකයින් පිරිසක් විසින් අඛණ්ඩ උපවාසයක් දක්වා ක්‍රියාත්මක කිරීම අරඹනු ලැබුවා.
සංවර්ධන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති මෙම මාරාන්තික උපවාසය පැවති ස්ථානයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙරේදා (31) දිනයේ පැමිණියා.
මේ අතර උපවාසයේ නිරත විරෝධතාකරුවන් කිහිප දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගොස් තිබූ බැවින්, පසුව ඔවුන් රෝහල්ගත කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.



