පාකිස්ථානය ලෝක කුසලානයේ ජීවගුණයට හානි කරනවා – අයි.සී.සීය දැඩි කණස්සල්ලෙන්

2026 පන්දුවාර විස්සයි විස්සයි ලෝක කුසලාන තරගාවලිය සඳහා පාකිස්ථාන කණ්ඩායම “තෝරාගත් අයුරින්” සහභාගීවීමට ගෙන ඇති තීරණය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය දැඩි කණස්සල්ල පළ කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ පාකිස්ථානය ගෙන ඇති එම තීරණය තරගාවලියේ ජීවගුණයට දැඩි හානියක් එක්කරන බවයි.

පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලයෙන් නිල සන්නිවේදනයක් බලාපොරොත්තුවෙන් සිටියද, මෙම ස්ථාවරය, සියලුම සුදුසුකම් ලත් කණ්ඩායම් ඉසව් කාලසටහනට අනුව සමාන කොන්දේසි මත තරඟ කිරීමට අපේක්ෂා කරන ගෝලීය ක්‍රීඩා ඉසව්වක මූලික පදනම සමඟ සැසඳීම දුෂ්කර බව අයි.සී.සීය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ජාතික ප්‍රතිපත්තිමය කාරණාවල දී රජයන්ගේ භූමිකාවන්ට ගරු කරනු ලබන නමුත්, මෙම තීරණය ගෝලීය ක්‍රීඩාවේ හෝ පාකිස්තානයේ මිලියන ගණනක් ඇතුළුව ලොව පුරා රසිකයින්ගේ යහපත සඳහා හේතු නොවන බවත් අයිසීසී ය අවධාරණය කරනවා.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තමන්ගේම රටේ ක්‍රිකට් සඳහා සැලකිය යුතු හා දිගුකාලීන ඇඟවුම් සලකා බලනු ඇතැයි බලාපොරොත්තු වන බව පවසන අයි.සී.සීය, මෙය තමන් සාමාජිකයෙකු සහ ප්‍රතිලාභියෙකු වන ගෝලීය ක්‍රිකට් පරිසර පද්ධතියට බලපානු ඇති බවද සිහිපත් කර සිටිනවා.

අයි.සී.සී පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය සාර්ථකව පැවැත්වීම අයි.සී.සී හි ප්‍රමුඛතාවය වන අතර, එය පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඇතුළු එහි සියලුම සාමාජිකයින්ගේ වගකීම විය යුතු යැයි ද සිය නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.

සියලුම පාර්ශ්වකරුවන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි යෝජනාවක් පාකිස්ථානය විසින් ඉදිරිපත් කරනු ඇති බව අයි.සී.සීය අපේක්ෂා කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39