පෙබරවාරියට අදාළ මාසික ඉන්ධන මිල සංශෝධනය මෙන්න

මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනයට අනුව පෙබරවාරි මාසය සඳහා වන සංශෝධනය ඊයේ (31) රාත්‍රියේ ප්‍රකාශයට පත්වුණා.

එම මිල සංශෝධනය අනුව සුදු ඩීසල් ලීටරයක මිල සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් පහළ දමා තිබෙනවා.

ඒ අනුව සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 277ක් සහ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 292ක් වනවා.

එමෙන්ම අනෙකුත් කිසිඳු ඉන්ධන වර්ගයක මිල සංශෝධනය වී නැහැ.

ඒ අනුව ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 323ක් ලෙසත්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 340 ක් ලෙසත්,
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 182ක් ලෙසත් එලෙසින්ව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
12
+1
2
+1
3
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?